• කැලණි ගඟේ වැලි ජාවාරමක්

    විදෙස් ගතව සිටින සංවිධානාත්ම අපරාධකරුවකු විසින් ගෝලයින් යොදවාගෙන කලක් තිස්සේ කැළණි ගගේ හංවැල්ල යකාබැම්ම ප්‍රදේශයේ අනවසරයෙන් වැලිගොඩ දමමින් සිටියදී වටලා වැලි ගොඩ දැමීමට යොදාගත් බෝට්ටු හයක් සිය බාරයට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

  • ගැඹුරු මුහුදේදී බිලී කටුවක් ඇමිණුනු ධීවරයා ජාතික රෝහලට

    ගැඹුරු මුහුදේදී බිලී කටුවක් අතේ ඇගිල්ලක ඇමිණීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ධීවරයෙක් නාවික හමුදාවේ විජයබාහු නෞකාව තුළදී සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව නාවික හමුදා නිලධාරීන් විසින් එම ධීවරයා වැඩිදුර ප්‍රතිකාර සදහා අද (22) ගොඩබිමට රැගෙනවිත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

  • කොළඹට ආ පාවෙන රෝහල

    මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අතරතුරේය.

  • තැනින් තැනට අදත් වැසි

    බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

  • හාලිඇල වැවක කාන්තා මළ සිරුරක්

    හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .

  • මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ සිද්ධියට 5ක් අත්අඩංගුවට

    මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

  • දෙමටගොඩ ගුවන් පාලම යට බිළිදියකගේ සිරුරක්

    දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .

  • බෙන්තොට රෝහලෙන් සොරකම් කළ ඊ.සී.ජී.යන්ත්‍රය දින තුනකට පසු යළි ගෙනත් දීලා

    බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගිය රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.යන්ත්‍රය සහ තවත් වෛද්‍ය මාපකයක් අද (22 ) අලුයම බෙන්තොට රෝහල ඉදිරිපිට බිමදමා ගොස් තිබියදී සොයාගත් බව බෙන්තොට පොලීසිය කියයි.

  • සැක කන්ටේනරයක් පොලිස් අත්අඩංගුවට

    පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කුරක්කන්හේන ප්‍රදේශයේ රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටි කල්පිටිය පොලිසිය මගින් සැක කටයුතු කන්ටේනර් රථයක් අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.

  • මත්ද්‍රව්‍ය සමඟ අයෙක් දැලේ

    වැල්ලම්පිටිය කුඩා බුත්ගමුව ප්‍රදේශයේදී රුපියල් කෝටියකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ඊයෙ( 21) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.